28.2 C
Colombo
Saturday, April 20, 2024

ඇවිදින මංතීරුවක් හදන්න මගේ ඉඩම වන්දිත් නොගෙවාම බලෙන් ගන්න හදනවා – පෝද්දල කාන්තාවක්

- Advertisement -

ගාල්ල – බද්දේගම – ‍හෝලුවාගොඩ ප්‍රදේශයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා යැයි පවසමින් අසාධාරණ අයුරින් ඉඩම් අත්පත් කරගැනීමක් පිළිබඳව ගාල්ල – පෝද්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මීපාවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පර්චස් 30 කින් යුත් මෙම ඉඩම රජයට පවරා දෙන්නැයි එම ඉඩමේ හිමිකාරිය වන අනුලාවතී මහත්මිය වෙත අවස්ථා කිහිපයකදීම ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්දී තිබෙනවා.

ස්ථීර ආදයම් මාර්ගයක් නොමැති කමින් මෙම කාන්තාව ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය අසළ පළතුරු වෙළෙදාමක් සිදුකරගෙන ජීවත්වනවා.

අනුලාවතී මහත්මිය පවසන්නේ ආබාධිත දරුවෙක්ද සිටින තමන් හට මෙම ඉඩමෙන් ඉවත්වීමට යැයි පැවසුවද ඊට සාධාරණ වන්දියක් ලබාදීමටද බලධාරින් කටයුතු නොකරන බවයි.

මුල් අවස්ථාවේදී ඉඩමෙන් ඉවත්වන ලෙස දැනුම්දීමේදී කිසිදු වන්දියක් ලබානොදෙන බව පැවසුවද තමන් ඊට දිගින් දිගටම විරෝධය පලකිරීම හේතුවෙන් මේ වන විට යම්කිසි වන්දියක් ගෙවීමට කැමැත්ත පලකළද එය ලබාදෙන නිසි ක්‍රමවේදයක් ප්‍රාදේශීය ලේකම්වරිය නොපවසන බවයි ඇය සදහන් කරන්නේ.

මෙම ඉඩම රජයට පවරා ගැනීමට ඊයේ (15) දිනයේත් එම ස්ථානයට පැමිණි බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් ප්‍රභාෂි විදානපතිරණ මහත්මිය සඳහන් කළ‍ෙ ඉඩමහිමි කාන්තාව භුක්තිය සඳහා ඉඩම රජයට භාරදුන් පසුව ඉඩම මැනීමෙන් වන්දියක් තක්සේරු කර ඉන් කොටසක් පමණක් ප්‍රතිෂ්ඨාපන වන්දියක් ලෙස ලබාදිය හැකි බවයි.

ඉඩම මැනීම ඇතුළු තක්සේරු කිරීමේ කටයුතු සිදුකිරීමට පළමුව ඉඩම රජයට පවරා දෙන්නැයි ප්‍රාදේශීය ලේකම්වරයි ඇයගෙන් යළි යළිත් ඉල්ලා තිබෙනවා.

එයට විරෝධය පලකරන ඉඩම හිමි කාන්තාව සඳහන් කරන්නේ නිසි වන්දි මුදලක් හෝ තමන්ට නිසි ආදායම් මාර්ගයක් ලබාදීමේ ක්‍රමවේදයක් නොපවසන්නේ නම් වන්දියටත් පෙර ඉඩම රජයට පැවරීමට යෝජනා කිරීම අසාධාරණ බවයි.

ඇවිදින මංතීරුවක් වෙනුවෙන් තමන්ට පාරට වැටීමට නොහැකි බවත් තමන්ට සාධාරණ වන්දියක් ලබාදෙන්නේ නම් ඉන් ඉවත්වයෑමට තමන් සූදානම් බවත් News19 සිදුකළ විමසීමකදී අනුලාවතී මහත්මිය පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...