24 C
Colombo
Thursday, February 13, 2025

ව්‍යාපාරික යුවල බියගන්වා ලක්ෂ 50ක කප්පම් ඉල්ලලා

- Advertisement -

තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත්කළ දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ මර්දන මෙහෙයුම් ඒකකය පවසනවා.

එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7100 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබාදී බිය වැද්දීම හේතුවෙන් විශාල කම්පනයකට හා භීතියකට පත්ව සිටි ඔහු වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට භාරදීමෙන් පසු පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත පරීක්ෂණ ආරම්භ කළ නුගේගොඩ කොට්ඨාශය අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා මෙරට දුරකථන අංකයක් හඳුනා ගැනීමෙන් පසු සිදුකළ දීර්ඝ විමර්ශනයේදී පන්නල ප්‍රදේශයේ සිට දුරකථන ඇමතුම් ලබාදුන් සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES