28 C
Colombo
Saturday, April 19, 2025

වනඅලි පහරදීමක් යැයි පවසා ඝාතනයක් සැඟවීමට තැත් කරලා

- Advertisement -

පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මහියංගනය පොලිස් වසමේ කිරලමුල්ල ප්‍රදේශයේ වනඅලියෙකු පහරදිමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසියට ජූලි (07) වනදා ලැබුණු පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

පසුව අනාවරණය වී ඇත්තේ, එය වනඅලි ප්‍රහාරයකින් සිදුවූ මරණයක් නොව එය මනුෂ්‍ය ඝාතනයක් බවයි.

සිද්ධිය සිදුවූ දින රාත්‍රී කාලයේදී මියගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඔහුගේ මව ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ඔහු වනඅලියෙකු පහරදී තුවාල ලබා ප්‍රදේශයේ පිහිටි දේවාලයකට ගෙනවිත් ඇති බවට වාර්තා වනවා.

පසුව මරණකරුගේ මව ත්‍රීරෝද රථයකින් සිය පුතු නිවසට ගෙන්වා ගෙන ඇති අතර, එහිදී මරණකරු පවසා ඇත්තේ තමාට වනඅලියෙකු පහර නොදුන් බවයි.

ඉන්පසුව සුළු වේලාවකින් ඔහු සිහිසුන් තත්ත්වයට පත්ව තිබෙනවා.

ඔහුව රෝහල්ගත කිරීම සඳහා 1990 ගිලන් රථ සේවයට දැනුම් දී ඇති අතර එහි නිලධාරීන් පැමිණ ඔහුව පරීක්ෂා කර එම පුද්ගලයා මිය ගොස් ඇති බව නිවැසියන්ට දැනුම් දී තිබුණා.

පොලිසිය පවසුවේ, පුද්ගලික ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් මරණකරුට පහරදීමක් සිදු කර පසුව ප්‍රදේශයේ දේවාලය වෙත රැගෙනවිත් ඇති බවට විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 18, 24, 28 හා 35 යන වයස්වල පසුවන මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...