21 C
Colombo
Monday, February 10, 2025

තිළිණි ප්‍රියමාලිගේ නඩුව කල් යයි

- Advertisement -

වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අගෝස්තු මස 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර තිලිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව අගෝස්තු මස 11 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළා.

2010 වසරේ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට වාහනයක් ලබා දෙන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා එම නඩුව පවරා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES