ඉන්ධන පිරවුම්හලක තුන්වන මරණය

නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී ඊයේ (20) රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමක්පුද්ගල ඝාතනයක් දක්වා දුරදිග ගොස් තිබෙනවා. මෙම බහින්බස්වීම දුරදිගයාමෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ. ඝාතනය වූ පුද්ගලයා 29 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි වාර්තා වන්නේ.