29 C
Colombo
Wednesday, July 17, 2024

කන්න බැරි හාල් කිලෝ තිස්දාහක් බෙදන්න ගිහින්

- Advertisement -

අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් කටයුතු කර තිබෙනවා.

අඩු ආදායම්ලාභි පිරිස්හට ලබා දෙන සහල් කිලෝ 10 සලාකය කරුවලගස්වැව අඩු ආදායම් පවුල් 7881 කට ආසන්න පිරිසකට බෙදා දීමට රැගෙන විත් තිබුණා.

තිස්සමහාරමයේ සිට සහල් මෝලකින් රැගෙන විත් තිබු මෙම සහල් තොගය රුපියල් ලක්ෂ හැටකට වැඩි වටිනාකමකින් යුක්ත බව පැවසෙනවා.

සහල් තොගයේ කිලෝ 10 බැගින් ඇසුරා තිබු ඇසුරුම් වලට අමතරව තවත් උරයක මෙම සහල් අසුරා තිබු බව සඳහන්.

මීට පෙරද අඩු ආදායම්ලාභි පවුල් සදහා බෙදාහැරිමට සූදානම් කර තිබූ සහල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බවට අනාවරණය වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබෙනවා. එම...

සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

රුවන්වැල්ල,  කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ  සිව් හැවිරිදි, දෙව්මි අමායා නැමැති කුඩා දැරියක්. එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...