30.9 C
Colombo
Thursday, April 25, 2024

මේ ඇඳිරිනීතියෙන් වැඩක් නෑ

- Advertisement -

පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක වීම ඉතා දුර්වල මට්ටමක පවතින බව හජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

නිසි පරිදි සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

නිරෝධායන ඇඳිරිනීතිය පැවතියද වාහන සහ මහජනතාව විශාල වශයෙන් මාර්ගවල දක්නට ලැබෙන බවත් ජනතාව නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන සේ කටයුතු කරනවා නම් සහ බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු කරමින් මෙවැනි දේ වෙන්න ඉඩ අරිනවානම් සහ ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ අරිනවානම් මේ ඇඳිරිනීතිය ඵලරහිත බවත් ඔහු පෙන්වා දෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාද බලපත්‍ර ලබාදීමක් සිදුවන බවත් ඒ බලපත්‍ර ලබාදීමට අමතරව නොයෙකුත් පාර්ශව නම්කර ඇති බවත්, එමෙන්ම, අත්‍යවශ්‍ය සේවාවලට මුවාවී විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය ලෙස මාර්ගයේ ගමන් කරන බැවින් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගය ...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...