ජනාධිපති සමාව සහ පොදු සමාව අතර වෙනස කුමක්ද යන්න වත්මන් ආණ්ඩුව නොදන්නා බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහ්න් කළේ, කිරුලපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට දේශනයක් ලබාදිය යුතු අතර, 388 දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද පොදු සමාව යටතේ වසරකට දින හත බැගින් රැඳවියන්ගේ කාල සීමාව ගත වී ඇත්නම් නම් ඔවුන්ට පොදු සමාව ලබාදීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාව ඇති බවද ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් වෙසක් දින හෝ පොසොන් දින ජනාධිපති සමාව ලබාදෙන්නේ නම් ජනාධිපති සමාවට අමතරව හැම බන්ධනාගාරයකටම ඔවුන්ගේ ක්‍රියාපටිපාටියට අනුව පොදු සමාව යටතේ එම දවසේම නිදහස ලබන බවයි.