ජනතාවට සෙත සලසන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජනබලවේග රජයේ අද එකම වැඩපිළිවෙල පලිගැනීම පමණක් බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය 2 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ 10 වැනි නියෝජිත මහ සභා රැස්වීමේදීයි.
රාජ්‍ය සේවකයන් අත්අඩංගුවට ගැනීම, සිරගත කිරීම සහ ස්ථාන මාරු කිරීම සිදු කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා හැරෙන්නට අද ඔවුන් සිදු කරන වැදගත් දෙයක් පෙනෙන්නට නොමැති බව ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජාතික ජනබලවේග රජය බලයට එනවිට දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටුකර නැති බවත්, විශාල ප්‍රමාණයකින් අඩුකරන බව පැවසුවත් විදුලි බිල සහ ඉන්ධන මිලද ජනතාව පීඩාවට පත්වන ආකාරයට වැඩි කළ බවයි.