32 C
Colombo
Friday, March 29, 2024

මේක කටු ඔටුන්නක් – ජනාධිපතිගේ දැඩි බලපෑමටයි භාරගත්තේ

- Advertisement -

මහබැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඊයේ (15) දින දෙවන වතාවටත් මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාරගනිමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

තමන් එම තනතුර දිගින් දිගටම ප්‍රතික්ෂේප කරද්දී ජනාධිපතිවරයාගේ දැඩි බලපෑම මත තමන් තනතුර භාරගැනීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ.

ආර්ථිකය ගොඩගැනීමේ කටයුත්තේදී පරස්පර විරෝධී කටයුතු භාවිතා කිරීමට සිදුවනු ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළදී ආර්ථික තුලනයක් ලබා ගැනීමට උත්සහ කරන බවත් ඔහු පවසා සිටිනවා.

මෙහිදී වැඪිදුරටත් අදහස් දැක්වූ නව මහබැංකු අධිපතිවරයා.

“මට මතකයි, 2006දී එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා. උද්ධමනය ඩබල් ඩිජිට් ගිහින් තිබුණේ. මට මතකයි එතකොට හිටපු නියෝජ්‍ය අධිපතිවරු මට කිව්වා, ‘ගවනර් මේක උත්සහ කරන්නවත් එපා,’ කියලා. ඒ වුණාට අපි ඒක කළා. උද්ධමනය අපි අඩු කළා. ඊට පස්සේ මම 12වෙනියා හැටියට මහ බැංකුවෙන් අයින් වෙලා යනකොට විදේශ සංචිත තිබුණා අමෙරිකානු ඩොලර් බිලියන 10.2ක පමණ මුදලක්.

අද එනකොට විදේශ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 4යි. ඊට අමතරව තවත් බිලියන එකහමාරක් විතර තියෙනවා චීන බැංකුවේ. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් එක නිසා විරැකියාව වැඩි වේලා. දිළිඳුකමත් වැඩිවෙලා තියෙනවා. ඒ් නිසා අපිට අභියෝග රැසක් තිබෙනවා. අපි හැමෝම එකට එකතු වෙලා ගියොත් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා”

RECENT ARTICLES - SINHALA

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...