28 C
Colombo
Saturday, April 19, 2025

මේක ජාතිය-ආගම පසුකර ආර්ථිකය මතුවුණු ජනපතිවරණයක් – රනිල්

- Advertisement -

ජාතිය හෝ ආගම පිළිබඳව නොව, රටේ ආර්ථිකය කෙරෙහි පමණක් අවධානය යොමු වූ ජනාධිපතිවරණයක් රට තුළ දක්නට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා ලෙස තමා ආඩම්බර වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වෘත්තීයවේදීන්ගේ සංසදය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පසුගියදා (02) සංවිධානය කර තිබූ ‘Ask Me Anything’  වැඩසටහනට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියා.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ  එමඟින් රටක් ලෙස එක්සත්ව කටයුතු කරමින් සමාජ විෂමතා සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමට අවස්ථාව හිමි වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අපේ දේශපාලන ක්‍රමයටද පරිවර්තනයක් අවශ්‍යයි. අපේ ආර්ථික ක්‍රමයේ බිඳවැටීම, ඊට අනුබල දුන් දේශපාලන රාමුවටද ඒ ආකාරයෙන්ම බලපා තිබෙනවා. අනෙකුත් පක්ෂ යල්පැන ගිය ආර්ථික ආකෘතීන් වෙත ආපසු ගමන් කරන විට, එය මියගිය පුද්ගලයන්ට නැවත පණ දීමට දරන උත්සාහයකට සමානයි. මෙය අපට දිගටම කරගෙන යා නොහැකියි. ඒ වගේම අපගේ දේශපාලන පක්ෂවලටත් ඔවුන් ගන්නා තීරණ අවසානයේ අධිකරණයකින් ගත යුතු තීන්දු බවට පත් නොවන ආකරයට, ජර්මනියේ හෝ වෙනත් යුරෝපීය රටවල දක්නට ලැබෙන පරිදි එකම ආකාරයක නීති මඟින් පාලනය වන ස්ථාවර සංවිධාන බවට පත් කළ යුතුයි.

“දූෂණ විරෝධි පියවර ගැනීමද අත්‍යවශ්‍යයි. ඇතැමුන් දූෂණ සම්බන්ධ ලිපිගොනු 400ක් පමණ පෙන්වමින් දූෂණය පිළිබඳ කතා කළත් ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි වූයේ 15 දෙනකුට එරෙහිව පමණයි. මේ නිසා අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් ඵලදායි පියවර ගැනීමයි. මා බලයට පත් වූ පසු, අප ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියා. දූෂණ විරෝධි නීතිය සහ අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත වැනි නව නීති ඇතුළත් දූෂණ විරෝධි න්‍යාය පත්‍රයක් අප ක්‍රියාත්මක කරනවා.

“මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට වග කිව යුතුයි. ඒ සඳහා එක්සත් රාජධානියේ ආකෘතියට සමාන අයුරින් පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබඳ පනත් කෙටුම්පත ඇතුළු යෝජිත වෙනස්කම් සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා. එබැවින් ආර්ථිකය සමඟ දේශපාලන හා සමාජ පද්ධතිද පරිවර්තනය කළ යුතුයි. මේ පුළුල් පරිවර්තනය මඟින් තරුණ පරම්පරාවන්ට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය වනවා. විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම පිළිබඳ 1991දී වියට්නාම කර්මාන්ත ඇමැති සමඟ පැවති සංවාදය මා නිතර සිහිපත් කරනවා. අප ඉක්මනින් පරිවර්තනයට ලක් නොවන්නේ නම්, ජාතික සංවර්ධනය සඳහා ඔහුගේ උපදෙස් ගැනීමට අපට සිදු විය හැකියි. එනිසා සැප්තැම්බර් 21 දාට මේ සියල්ල පිළිබඳ සිහියේ තබාගන්නා ලෙස ඔබට මතක් කරනවා.”

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...