25 C
Colombo
Saturday, May 24, 2025

කොටහේන දැරියගේ සිදුවීම: “සමාජයක් හැටියට අපි ෆේල් ” – හරිනි

- Advertisement -

ළමා අපයෝජන සිදුවීම් වළක්වා ගැනීමටත්, එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 කොළඹ බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලැබූ පාසල් දැරියක් එම පාසලේම ගුරුවරයකු විසින් අපයෝජනයට ලක්කිරීම හේතුවෙන් සිදු වූ මානසික කම්පනය නිසා සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අද (09) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නේ, මෙවැනි සිදුවීමකදී පැමිණිල්ලක් නොලැබුණු බවට පැවසීම වෙනුව යුක්තිය ඉෂ්ඨ කිරීමට අදාළ යාන්ත්‍රණයක් සැකසීම වඩා වැදගත් බවයි .

“මෙවැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බවත්” එම අවස්ථාවේදී ඊට පිළිතුරු ලබා දුන් අගමැතිනි හරිනි අමරසූරිය පවසා සිටියා.

ඇය තවදුරටත් ප්‍රකාශ කළේ, මේ වන විට ඇය සහ ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය අද උදෑසන සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි සිදුවීමක් වාර්තා කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලීසිය එක්ව කටයුතු කරන යාන්ත්‍රණයක් සැකසීම අරමුණු කරගෙන සැලසුමක් සකස් කරමින් පවතින බවයි.

“මේක අතිශයින්ම සංවේදී ප්‍රශ්නයක්, දෙමව්පියන් හැටියට දරාගන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා, අපි මේව පිළිබඳ කතා කරන විදියත් මැදිහත් වෙන විදියත් ගැන පරිස්සම් වෙන්න ඕන ඒ වගේම අවස්ථා නොකරගත යුතුයි දේශපාලනිකව මැදිහත් වෙන්න, වයස අවුරුදු 13ක දැරියකට මේ විදියට තමන්ගේ ජිවිතය අවස්න් කරන්න තීරණයක් ගන්න සිද්ධ වුණා කියන්නේ සමාජයක් හැටියට අපි ෆේල්, මේකෙ පළවෙනි සිදුවීම සිදුවුණු අවස්ථාවේදී මේ පිළිබඳ වාර්තා කරණය හරියට සිදුවෙලා නැහැ,මේ වෙනකොට විදුහල්පතිවරියගෙනුත් විමසලා තියෙනවා ඇයි මේ සිදුවීම හරියට වාර්තා නොකළේ ඇයි කියන එක ගැන වගේම සිද්ධියට අදාළ ගුරුවරයා පිළිබඳව දැනුම් නොදුන්නේ ඇයි කියන එක ගැන…”

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...