නාමල් රාජපක්ෂ මහතා ඒ.සී කාමරයක හිදිමින් නීති විභාගය ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන කෙනෙක් පැවසු බව වෙළෙඳ වාණිජ, ආහාර සුරක්‍ෂතා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.
ප්‍රශ්න පත්තරේ කලින් ලබාදී අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක්ද ලබා දී තිබු බවට ඔහු පැවසු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර සිටියා.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,
”අම්මට තාත්තට තම දරුවාට පොතක් පැන්සලක් අරගෙන දෙන්න බැරි තරමට ආර්ථිකය වට්ටලා තියෙනවා.දරුවන්ට ඉගෙන ගන්න පසුබිම ඇහිරූ අය අධ්‍යාපනය ගැන කතා කරන්නට පටන්ගෙන තිබෙනවා.නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම ඉල්ලන්නේ නැති දැයි සමහරු අහනවා.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කතා කොට ඔහුට කළ මරණ තර්ජන ගැන අපට පැවසුවා.නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබපු කෙනෙක් අප සමග කිව්වා.ඒ පරීක්ෂණය පටන් ගත්තාම ඕන වෙලාවක ලංකාවට එන්න ඔහු සූදානමින් ඉන්නවා.මොහු නීතිඥයෙක් වෙන්න රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළා.තාත්තා ජනාධිපති වීම නිසා මේ දේශපාලන බලය පාවිච්චි කළා. ඊට පසුව අපරාධ විද්‍යාව ගැන පශ්චාත් උපාධිය කරන්නත් 2011 වසරේ ආවලු.ප්‍රථම උපාධියක් නැති නිසා පශ්චාත් උපාධිය හදාරන්න දීලා නෑ. ඊට පසුව ඒ මහාචාර්යවරයෙක්ට එකල උප කුලපති තර්ජනය කර තිබෙනවා.මේ අය නම් ඉස්සරහට කෑලි දාගන්න හැදුවේ ඔහොමයි.”
අද (17) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පවසා සිටියා.