27 C
Colombo
Wednesday, May 18, 2022

මත්පැන් මිල ඉහළ යන්නේ මෙහෙමයි

- Advertisement -

2022 වර්ෂය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විදිරිපත් වන අයවැය හරහා වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද වැඩි කිරීමට යෝජනා කෙරුණු අතර එමඟින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 25ක්.

මෙම සංශෝධනයට අනුව දේශීයව නිෂ්පාදිත අතිවිශේෂ අරක්කු මිලිලීටර් 750ක බෝතලයක සුරාබදු මිල රුපියල් 96.14කින් ඉහළ නැංවෙන අතර තල් සහ පොල් අරක්කු බෝතලයක සුරාබද්ද ඉහළ නැංවෙන්නේ රුපියල් 103 කින්.

දේශීය වශයෙන් නිෂ්පාදිත විදේශීය මත්පැන් බෝතලයක බදු මිල රුපියල් 126.84කින් ඉහළ නැංවෙනවා. එමෙන්ම සැර 18%ට වැඩි විදේශීය වයින් බෝතලයක බදු මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 14.40කින්.

සැර 5%ට අඩු බියර් මිලි ලීටර් 625ක කෑන් 1ක බදු මිල රුපියල් 3.10කින් හා සැර 5%ට වැඩි බියර් කෑන් 1ක බදු මිල රුපියල් 14කින් ඉහළ නැංවීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.


RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...