ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (24) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
නව රජයේ අයවැය ලබන වසරේ අප්‍රේල් මාස සිට ක්‍රියාත්මක වන බවත් එමඟින් වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු එහිදී කියා සිටියා.
ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අනිල් ජයන්ත මහතා :
“අපිට ඕනේ නම් කියන්න තිබුණා ආර්ථිකය බිඳවැටිලා තියෙන්නේ දැන්… තව පොඩ්ඩක් ඉවසන්න…පටි තද කරගන්න කියලා. 2026දී කරන්නම් කියලා තර්කය ගේන්නත් පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත්වෙන දුෂ්කරතාවය. අනිවාර්යයෙන්ම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. ඒ විස්තර අයවැයෙන් ඉදිරිපත් කරන්නම්.”