26.7 C
Colombo
Monday, June 16, 2025

අද සිට කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

- Advertisement -

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) දින සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව අද (10) පස්වරු 2ට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි,

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.

“බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේත් අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.”

RECENT ARTICLES - SINHALA

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

POPULAR ARTICLES