32 C
Colombo
Friday, March 29, 2024

ශුද්ධ විදේශ වත්කම් සෘණ උනේ පළවෙනි වතාවට නෙවෙයි – කබ්රාල්

- Advertisement -

1950 වසරේ මහ බැංකුව පිහිටුවීමෙන් පසුව ඉතිහාසයේ ප්‍රථමවරට ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් සෘණ මට්ටමක් දක්වා පහත ගොස් ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා කියා පවසන ලදි.

දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය පවතින්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක බවයි එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා පැවසුවේ

රටේ නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇති බවත් ඔහු පවසනවා.

මේ සම්බන්ධයෙන් අද (14) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් විමසා සිටීමේදී ඔහු පැවසුවේ ශුද්ධ විදේශ වත්කම්, සෘණ අගයයක් ගත් පළමු අවස්ථාව මෙය නොවන බවයි.

මෑත ඉතිහාසයේ අවස්ථා 15කදී ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයයක් ගෙනඇති බවත් මෙය තාවකාලික තත්ත්වයක් බවත් ඔහු පවසනවා.

“මෙය එක් ගනුදෙනුවකින් අනෙක් පැත්ත හැරෙන්නට පුළුවන්. අපි මීළඟ සති කිහිපයේ දී එක swap හුවමාරුවක් කළොත් සමස්ත තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වනවා. ඇතැම් විට මේ සම්බන්ධයෙන් පළවන කරුණු නොමඟ යවනසුළුයි“, යැයි ඔහු පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...