24 C
Colombo
Tuesday, March 21, 2023

මේක ගෝඨාභයට ආපහු එන්න සුදුසු වෙලාවක් නෙවෙයි..! – රනිල්

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු වේලාව නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, “වෝල් ස්ට්‍රීට් ජර්නල්” සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

ඔහු නැවත මෙරටට පැමිණියහොත් දේශපාලන ගැටුම් වර්ධනය වියහැකි බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

“මම හිතන්නේ මේක ඔහුට පැමිණීමට සුදුසු වෙලාව නොවෙයි. ඔහු නැවත නුදුරේදී පැමිණෙයි කියලා මම දැනුවත් නැහැ,” යැයි වික්‍රමසිංහ පවසනවා.

දැඩි ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට යම් සහනයක් ලබාගැනීම සඳහා මේ වනවිට මෙරට බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වන අතර පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කළේ ගෙවීමට ඇති බාහිර ණය සඳහා වූ වාරික සහ පොලී ගෙවීම තාවකාලිකව නවතා දැමීමට ය. එහි වටිනාකම ඩොලර් බිලියන 12ක් පමණ වූ අතර 2025 වසර නිමවන විට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 21ක් ලෙස සඳහන් වනවා.

“වෝල් ස්ට්‍රීට් ජර්නල්” වාර්තාවෙහි සඳහන් වන්නේ මෙම මස අග වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට ළඟා වියහැකි බවට ජනාධිපති වික්‍රමසිංහ අනුමාන කරන බවයි.

ඊට අමතරව තවත් ඩොලර් බිලියන 3කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සොයාගත යුතු බවත් එමගින් ලබන වසරේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඉන්ධන, ආහාර සහ පොහොර ආනයනය පහසු වෙතැයි ඔහු පවසන බවත් වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.