29 C
Colombo
Sunday, March 16, 2025

මේක අපායේ ඉන්ටවල් එක..! – පාඨලී

- Advertisement -

ආර්ථිකමය වශයෙන් තමා ඉදිරිපත් කරන වැඩපිළිවෙලට රජය කැමැත්තක් දක්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ, ස්වාධීන වීමෙන් පසුව අද (09) උදෑසන පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගයට අපි ගල් පෙරළන්න බලාපොරොත්තුවක් නෑ අගමැතිතුමාට. හැබැයි අගමැතිතුමා සාධාරණ කාලයක් තුළ මේවා ඉෂ්ඨ කළ යුතුයි. විශේෂයෙන්ම 21 සංශෝධනය වැනි දෑ එළැඹෙන ජූලි මාසය තුළ ඉෂ්ඨ කරගත යුතුමයි. ඒ වගේම අපි මතක තබා ගත යුතුයි දැනට රටේ අරගලය නතර වෙලා නෑ. අරගලයේ විරාමයක්. මේක අපායේ ඉන්ටවල්. ආපහු මේ අරගලය මීට වඩා භයානක ආකාරයට ගෙන එන්න පුළුවන්. සමහර පිරිස් ඒක සංවිධානාත්මකව කරන්න පුළුවන්. ඒ නිසා අපි එයට සුදානම් විය යුතුයි. පළමුවෙන් අපි ආණ්ඩුවේ සමහර දේවල්වලට එකඟ නොවුණත් බාධා කරන්න යන්නේ නෑ. ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුයි මේක කරන්න. සාධනීය දේවල්වලට අපි සහයෝගය දෙනවා.”

යම් අවස්ථාවක අවස්ථාව හිමිවුණොත් නිලයක් ගන්න. මොකද කරන්නේ ?

“ආණ්ඩුවේ විධායක ක්‍රියාදාමයන්වලට පූර්ණ වශයෙන් සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් නොවන ආණ්ඩුවක සේවා කරන්න අපි ලෑස්ති නෑ. හැබැයි පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තුමා ප්‍රකාශ කළා කමිටු ගණනාවක් පිහිටුවන්න යනවා කියලා. බැංකු ක්ෂේත්‍රය තුළ ඒ වගේම ආදායම් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් වැනි අතුරු කමිටු පිහිටුවන්න යනවා කියලා ඒ වගේම අධීක්ෂණ කාරක සභා බලාත්මක කරන්න යනවා කියලා. එවැනි දෑට අපි සහභාගි වෙනවා. දෙක අපි 43 වැනි සේනාංකය මඟින් රට ට විකල්ප වැඩපිළිවෙලක් හදන්න. ඉදිරි කාලයේ දී විවිධ ක්ෂේත්‍රවල කළ යුතු දේ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් හදලා ආණ්ඩුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES