මින් පසු තම බිරිඳ කියනා දෙයක් හැරෙන්ට කිසිවක් සිදු නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මර්වින් සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ඇප කොන්දේසි සපුරා ගැනිමට නොහැකි වීම හේතුවෙන් රිමාන්ඩ් භාරයෙන් නිදහස්ව ඊයේ ඇප ලබා පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
මොකද මේ මගේ මාධ්‍ය යාලුවො ටික ඉන්නේ.ඕගොල්ලෝ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ….නෝන මගේ අත මිරිකනවා.මුලු ලෝකෙම ගෞරවයට පත්වෙච්ච අධිකරණයක් නීතිඥතුමාලා ඉන්නේ ලංකාවේ..සසරවසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනාවේවා…අනේ නැවත හිරභාරයට එන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා…මම නෝනට විරුද්ධ වුන නිසා තමයි මේ හැම දෙයක්ම මට වුණේ…
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ඊයේ (05) ගම්පහ මහාධිකරණය මඟින් ඇප ලබාදී තිබුණා.