30 C
Colombo
Sunday, November 27, 2022

ඉන්දියාවේ කාශ්මීරයට වාර්තාගත සංචාරක පැමිණීමක්

- Advertisement -

ඉන්දියාවේ කාශ්මීර නිම්නයෙන් ගෙවීගිය ශීත සෘතුවේ දී මෙතෙක් වාර්තා වූ ඉහළම සංචාරකයින්ගේ පැමිණීම වාර්තා වී ඇති අතර එමඟින් සංචාරක කර්මාන්තයේ නොසිතූ විරූ ප්‍රබෝධයක් ඇති වී ඇතැයි වාර්තා වේ.

එය නිම්නයට මෙතෙක් වාර්තා වී ඇති සංචාරකයින්ගේ ඉහළම අගය වන අතර ඉදිරි මාසවල වසන්තයත් සමග කාශ්මීරයට සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් අපේක්ෂා කරන බව ජම්මු කාශ්මීර ප්‍රධාන ලේකම් ඒ.කේ. මේතා ආසියාවේ විශාලතම ටියුලිප් උත්සවය ආරම්භ කරමින් මාධ්‍ය වෙත පවසා තිබේ.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2021 නොවැම්බර් මාසයේ සිට මේ වසරේ පෙබරවාරි මාසය දක්වා මාස හතරක කාලයක් තුළ සංචාරකයින් 447,096 ක් පැමිණ ඇති අතර එය පෙර වසරේ මෙම කාල සීමාවේ පැමිණි සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි බව සඳහන් වේ.

මාර්තු මස පළමු දින 21 තුළ පමණක් සංචාරකයින් ලක්ෂ 1.05 ක් කාශ්මීරයට පැමිණ ඇති අතර මාසය අවසන් වන විට එම සංඛ්‍යාව ලක්ෂ 1.5 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

2019 අගෝස්තු මාසයෙන් පසු පැරණි ප්‍රාන්තයේ විශේෂ තත්ත්වය අවලංගු කර ආරක්ෂාව සහ සන්නිවේදනය අගුලු දැමීමත් සමඟ කාශ්මීරයේ සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී තිබිණි.

RECENT ARTICLES - SINHALA

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

0
ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක්...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...