31 C
Colombo
Wednesday, March 19, 2025

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

- Advertisement -

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම මුදල් ත්‍යාග සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක්.

මේ අතර, තරගාවලියේ එක් එක් අදියරයන් වෙනුවෙන්ද අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් වෙන්කර තිබෙනවා.

ඒ අනුව වසර 08කට පෙර පැවති තරගාවලියට වෙන්කළ මුදලට වඩා 53%කට වඩා වැඩි මුදලක් මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියට වෙන්කර තිබීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ අනුශූරයින් වෙනුවෙන් ඩොලර් මිලියන 1.12ක මුදලක් වෙන්කර තිබෙනවා.

මීට අමතරව අවසන් පූර්ව වටයේදී පරාජයවන කණ්ඩායම් දෙකට ඩොලර් 560,000 බැගින් වෙන්කිරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

මෙම තරගාවලිය ක්‍රිකට් කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර මූලික වටය කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.

එම සෑම කාණ්ඩයකම තරග ජයග්‍රහණයක් වෙනුවෙන්ම අමෙරිකානු ඩොලර් 34,000ක මුදලක් වෙන්කර තිබෙනවා.

එමෙන්ම, තරගාවලියේ 05වන සහ 06වන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක සඳහා ඩොලර් 350,000 බැගින් ලබාදීමටත් නියමිතයි.

ඊට අමතරව, 07වන සහ 08වන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම්වලට ඩොලර් 140,000 බැගින් වෙන්කර තිබෙනවා.

එමෙන්ම, මෙවර ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබන සෑම කණ්ඩායමකටම ඩොලර් 125,000 බැගින් ලබාදීමටයි ය තීරණය කර ඇත්තේ.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි 19වනදා පාකිස්තානයේදී ආරම්භවීමට නියමිතවයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

දේශබන්දු තෙන්නකෝන්ගේ දේපළ රාජසන්තක කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබු බවත් ඒ අතරම දේශබන්දු...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES