27 C
Colombo
Tuesday, May 17, 2022

මෙවර විශ්ව රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට

- Advertisement -

මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ දිනා ගැනීමට අද (17) සමත්වුණා.

රටවල් 74ක් නියෝජනය කරමින් රූ රැජිණියන් සහභාගී වූ මෙම තරඟාවලියේ 2021 ලෝක රූ රැජින ලෙසින් කිරැළ පැලදුවේ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා(Andrew Meza) ය.

ඇයට කිරැල පැලදීම සිදු කරන ලද්දේ 2019 ලෝක රූ රැජින තරඟාවලිය ජයග්‍රහණය කල දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික කාන්තාව බවට පත්වූ මහජන සම්බන්ධතා වෘත්තියෙකු වන සොසිබිනි ටුන්සි (Zozibin Tunzi)විසිනි .

ඇය 2019 දෙසැම්බර් සිට මෙම ශූරතාවය දිනා සිටි ලෝක රෑ රැජිනයි.

26 හැවිරිදි වියේ පසුවන ඇන්ඩ්‍රියා මේසා නිරූපණ ශිල්පිනියක්, වේශ නිරූපන ශිල්පිනියක් මෙන්ම මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරීනියක් ද වේ.

එපමනක් නොව ඇය, චිහුවාආ (Chihuahua) නගරයේ නිල සංචාරක සන්නාම තානාපතිවරියක් සහ කාන්තා නාගරික අයිතිවාසිකම් සමඟ සමීපව කටයුතු කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් කෙරෙහි අවධානය යොමුකළ ක්‍රියාකාරිනියකි.

ලෝක රූ රැජින මෙක්සිකෝව දිනාගද්දී දෙවන ස්ථානය බ්‍රසීලයේ ජූලියා ගැමා දිනාගත් අතර තෙවන ස්ථානය හිමිවූයේ පේරූහි ජැනික් මැසේටා වෙතය.

සිව්වන ස්ථානය ඉන්දුනීසියාවේ ඇඩ්ලීන් කැස්ටෙලිනෝ ද පස්වන ස්ථානය ඩොමිනික් රිපබ්ලිකන් හි කම්බර්ලි පෙරෙඩ් විසින් දිනා ගන්නා ලදී.

ලෝක රූ රැජින තරඟාවලියේ සංවිධානයේ සභාපති පවුලා එම්.ෂුගාර්ට් (Paula M.Shugart) කියා සිටියේ පසුගිය නොවැම්බර් මෙම්ෆිස් හි (Memphis) පැවති 2020 මිස් ඇමරිකා තරඟාවලියට සමාන මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් ආරක්ෂිත තරඟාවලියක් සැලසුම් කිරීමට තරඟා සංවිධායකයන්ට මාස ගණනාවක් ගත වූ බවය.

ෆ්ලොරිඩාවේ හෙලිවුව්හි සෙමිනෝල් හාඩ්රොක් හෝටලයෙන් සහ කැසිනෝ හෙලිවුව්හි පැවති 2021 ලෝක රූ රැජින තරඟාවලිය එක්සත් ජනපදයේ FYI නාලිකාවේ සහ ටෙලිමුන්ඩෝ ඇතුළු ලොව පුරා රටවල් 160 කට අධික සංඛ්‍යාවක විකාශනය වූ අතර වාර්තාගත පිරිසක් තරඟාවලිය රූපවාහිනියෙන් සජීවීව නරඹා ඇතිබවත් විදෙස් වාර්තා දක්වයි .

RECENT ARTICLES - SINHALA

මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි

වීරකැටිය කාල්ටන් නිවසට පිරිසක් පහරදුන් අවස්ථාවේදී එම නිවසේ සිටි බලු පැටවුන් තිදෙනාගෙන් එක් බලු පැටවෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...