24 C
Colombo
Thursday, March 30, 2023

ලක්ෂ 500ක රෝහලක් හදලා සල්ලි කොයින්ද? (වීඩියෝ)

- Advertisement -

පසුගිය දිනවල අන්තර්ජාලයෙන් යම් දුරකට කතාබහට ලක් වූ පුද්ගලයෙක් වන්නේ ගෝනාපීනුවල ආර්.කේ. කුලතිස්ස මහතා. ඔහු ඇගයීමට ලක් කළ හැකි ඉතා වැදගත් ක්‍රියාවක් කළ නිසා. ඒ, ආර්.කේ. කුලතිස්ස සුව සෙවණ නමින් හික්කඩුව ආරච්චිකන්ද රෝහලේ ගොඩනැගිල්ලක් ඉදි කිරීම.

දිරාපත්වෙලා තිබුණු ආරච්චිකන්ද රෝහලේ අවුරුදු අසූවක් පරණ ගොඩනැගිල්ල කඩලා ඔහු අලුත් ගොඩනැගිල්ල පෞද්ගලික වියදමින් ඉදි කර තිබුණා. සම්පූර්ණ ව්‍යාපෘතියට ලක්ෂ 500ක් විතර වියදම් වුණාලු.

ලක්ෂ පන්සීයක් ඔහුට කොහෙන්ද? ඔහු දියුණු වී තිබුණේ තමන්ගේම ව්‍යාපාරවලින් බව කියනවා. ඔහු එදිනෙදා ජීවිතයේදී කෙබඳු මිනිසෙක්ද කියා අප වැඩි විස්තර දන්නේ නැහැ. එහෙත්, මේ රෝහල ඉදිකිරීමේ ක්‍රියාව නම් යහපත් දෙයක් බව කියන්නම ඕනෑ.

කුලතිස්ස මහත්තයාත්, ඔහුගේ බිරිඳ එච්.පී.බී. බන්දුවතී නෝනාත් සාමාන්‍ය ගැමි ව්‍යාපාසරික පවුලකට අයිති,  සාමාන්‍ය ගැමි දේශීය සම්ප්‍රදායට අනුව හැදී වැඩුණු පවුලක්. තිස්සමහාරාමයේ තමන්ට තිබුණු දැවැන්ත පොල් ඉඩමක් විකුණා බැංකුවේ මුදල් දැම්මාලු. ඉන්පසු රෝහල් ගොඩනැගිල්ල හදන්නට අවශ්‍ය අවසර ගැනීම ආදී කටයුතු සම්පූර්ණ කරන විට බැංකුවේ තිබුණු මුදල් ලක්ෂ හාරසීයක් දක්වා වැඩි වුණාලු. ඒ මුදල සහ තවත් ලක්ෂ සීයක පමණ මුදලක් එක්ක රෝහල් ගොඩනැගිල්ල හැදුවාලු.

ඇත්ත කියන්නම එපැයි. මෙතරම් දැවැන්ත මුදලක් පුණ්‍යක්‍රියාවකට වෙන් කිරීම ගැන සාමාන්‍ය රටවැසියන් විස්මයට පත්වෙන බව හැබෑව. සාමාන්‍ය කෙනෙකු නොව, ධනවතෙකු වුව මෙතරම් මුදලක් පිනට වෙන් කිරීම ගැන පුදුම වේවි.

ලංකාවේ ධනවතුන්, තම අමතර ධනයෙන් සුඛෝපභෝගී කාර් මිලට ගැනීම වැනි ක්‍රියා ගැන සිතනවා මිස, සමාජ යහපතට වෙන් කිරීම ගැන හිතන්නේ ඉඳහිට. බිල් ගේට්ස් තමන්ගේ ධනය බිල්ගේට්ස් පදනමෙන් සමාජ යහපතට යොදවනවා වාගේ, ලංකාවේ ධනවතුන් සමාජ යහපතට කාලය ශ්‍රමය යොදවන්නේ නැති තරම්. හැකි හැම අවස්ථාවකම තමන්ගේම ආයතනවල සේවකයන් පවා සූරාකන්න හිතනවා මිස.

ගාල්ලේ හැදී වැඩුණු ඔහු තම බිරිඳ වන බන්දුවතී නෝනා සමග විවාහ වූ පසු තිස්සමහාරාමයට ගියාලු.

කුලතිස්ස මහතාගේ දියුණුවේ කතාවේ රසවත් කොටස තමයි, නොදියුණු බව කියන, කාෂ්ඨක නගරයක් වූ තිස්සමහාරාමයේ ඉඳන් ඔහු දියුණු වීම.

ගාල්ලේ මාධ්‍යවේදී සජීව විජේවීරගේ ලිපියක කුලතිස්ස මහතාගේ අදහස් මෙසේ සඳහන් වී තිබුණා.

‘ඒ කාලේ අද වගේ තිස්සමහාරාම නගරයක් තිබුණේ නැහැ. පොඩි කඩපිලක් තිබුණා. අපේ සීයාට එතැන කඩයක් තිබුණා. කරත්තවලින් මිනිස්සු එනවා. කඩපිල ළඟ ඉඳලා කතරගම කිරිවෙහෙරට යන්නේ නන්ද කැලේ මැදින්. අලි, කොඩි, වළස්සු ඉන්නවා. යන සමහරු ආයේ එන්නේ නැහැ. අලි ගහලා හරි, කොටියා කාලා හරි මැරිලා.

අපේ සීයාගේ කඩේ හැම දේම තිබුණා. බෙහෙත්වල ඉඳලා යකඩ දක්වාම සියලු දේ තිබුණා. ඉතින් මමත් පොඩි එකා සන්දියේ ඉඳලාම කඩේ වැඩ කරගෙන ඇවිත් ව්‍යාපාර දියුණු කරගත්තා. ඒ කාලේ ගැන ආපහු හැරිලා බලනකොට ඇත්තටම ලොකු සංතෝෂයක් තියෙනවා.’

තිස්සමහාරාමයේ වෙළඳාම ගැන ඔහු මෙසේ කියා තිබුණා.

‘අපි ගාව හැමදේම තිබුණා. බෙහෙත් වර්ග, සිල්ලර බඩු, පෙට්‍රල්, භූමිතෙල්, රෙදි පිළි, පොහොර හා කෘමි නාශක, ඒ විතරක් නෙවෙයි යකඩ බඩු පවා අපි විකුණුවා. ක්‍රමයෙන් මේ ප්‍රදේශයේ නිවාස හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම් වෙද්දී ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳාමට ලොකු ඉල්ලුමක් ආවා. ඒ නිසා අපි වඩාත්ම ජනප්‍රිය වුණේ කුලතිස්ස හාඩ්වෙයාර් හැටියට.

මමත් නෝනාත් මහන්සිවෙලා  මේ ව්‍යාපාර දියුණු කළා. ඒ උපයාගත්තු මුදල්වලින් දුප්පත් මිනිස්සුන්ට අපි උදව් කළා. ඒ වගේම ආගමික වැඩ ගොඩක් කළා. සමාජසේවා කටයුතු සඳහා නිතරම මුදල් යෙදෙව්වා.’

ඒ අනුව කුලතිස්ස මහතාගේ ව්‍යාපාර ක්ෂේත්‍රය වී තිබෙන්නේ තිස්සමහාරාමයේ කාලයත් එක්ක ඉදි වූ ගොඩනැගිලිවලට අවශ්‍ය අමුද්‍රව්‍ය අලෙවි කිරීම.

ජීවිත කාලයක් උපයාගත් දේවල්වලින් විශාල කොටසක් වෙන් කොට තව වසර ගණනාවක් යනතුරු රෝගීන්ට සහන ලැබෙන ඉදිකිරීමක් සිදු කිරීම ආදර්ශවත් කතාවක්. ඒ තරම් මිලකට තමන් මිලට ගන්නා සුඛෝපභෝගී යම් භාණ්ඩයකට වඩා මෙවැනි ක්‍රියාවකින් ලැබෙන සුවය උතුම් බව කුලතිස්ස මහතා හිතනවා විය හැකියි.

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...