පසුගිය 13දා දහවල් හා රාත්‍රි කාලයේ මන්නාරම නගරයේ පිහිටි කිතුණු දේවස්ථාන කිහිපයකට ගල්මුල් ප්‍රහාර එල්ලවීම සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නියෝග ලබා දී ඇති බවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරනවා.
අදාළ ප්‍රහාරවලින් මන්නාරම නගරය හා ඒ ආශ්‍රිත කිතුණු දේවස්ථාන 4 කට පමණ අලාභහානි සිදුවිය.
මීට අදාළ වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තුළින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි ආරක්‍ෂක ලේකම්වරයා පවසන්නේ.
කමල් ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) දීඝවාපිය පූජා භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමින්.