31 C
Colombo
Saturday, April 20, 2024

ඇමතිලාගේ ගෙවල්වලට ගහපු අයට වැඩ වරදියි

- Advertisement -

දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කළා.

පසුගිය මැයි මස 09 වනදා දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය අද නොතීසි නිකුත් කළා.

පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

පසුගිය මැයි මස 09 වනදා නිවාස හානි සිදුවූ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, එස්, එම්, චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් ඇතුළු දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. මෙලෙස ශ්‍රී පාද...

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ (වීඩියෝ)

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...