26 C
Colombo
Wednesday, February 19, 2025

ආණ්ඩුව විවේචනය කරන අය උදේට ඇඳ හදන්නේ නෑ..! – ඇමති රෝහිත

- Advertisement -

විපක්ෂය විසින් ඉන්ධන හිගයක් ඇති බවට අසත්‍ය පුවත් සමාජගත කරමින් ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

රට තුල කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.

අවස්ථා ගණනාවකදී ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් විපක්ෂය විසින් අසත්‍යය ප්‍රචාර ගෙනගිය නමුත් කිසිදු අවස්ථාවක හිගයක් ඇති නොවන පරිදි ඉන්ධන ලබාදීමට ආණ්ඩුව සමත් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ඇති වන ඉහළ ඉල්ලුම නිසා පැය කිහිපයකට ඉන්ධන හිගයක් ඇතිවන නමුත් එවැනි තාවකාලික හිගයක් හැර දින ගණන් ඉන්ධන නොමැති තත්වයක් වත්මන් ආණ්ඩුව යටතේ ඇති නොවූ බවත් ඔහු පවසනවා.

යම් කාර්යයක් සිදු කරද්දී තවත් පිරිසක් විවේචන කරමින් නිකරුනේ බලා සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් ඕනෑම දෙයක අඩුපාඩු පෙන්වීම විවේචනය කිරීම වත්මන් විපක්ෂයේ එකම කාර්යභාරය වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

රට හදන ආකාරය පිළිබඳව ආණ්ඩුවට උපදෙස් ලබාදෙන, විවේචනය කරන බොහෝ දෙනා අවම වශයෙන් උදෑසන අවදිවීමෙන් පසුව නිදාගත් ඇඳේ රෙද්ද හෝ පිළිවෙලකට නවා නොතබන පුද්ගලයන් බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES