31 C
Colombo
Thursday, April 18, 2024

චීනයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව පැරිසියේ විරෝධතා

- Advertisement -

චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව දෙදහසකට අධික පිරිසක් ප්‍රංශයේ පැරිස් අගනුවරදී විරෝධතාවයක නිරත වූහ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක උයිගුර් කොංග්‍රසය, යුරෝපයේ උයිගුර් ආයතනය ඇතුළු උයිගුර් ප්‍රජාවට සම්බන්ධ සංවිධාන ගණනාවක් එක්ව මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ බවයි.

යුරෝපයේ විවිධ රටවලින් පැමිණි උයිගුර් ජනවර්ගයට අයත් පිරිස් මෙන්ම යු‍රෝපයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් රැසක් ද මෙම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

චීනය ෂින්ජියෑන්ග් පළාතේ උයිගුර් ජනවර්ගයට එරෙහිව සිදුකරන මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව අන්තර් ජාතික පරීක්ෂණයක් සිදුකරන ලෙස විරෝධතාකරැ‍වෝ මෙහිදී අවධාරණය කළහ.

මෙම තත්වයට විරෝධයපෑමක් ලෙස යු‍රෝපා සංගමය චීනය සමග අත්සන් තබා ඇති ගිවිසුම් අහෝසි කරන ලෙසත් 2022 බෙයිජිං හි පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙළ වර්ජනය කරන ලෙසත් විරෝධතාකරැවෝ මෙහිදී යුරෝපා සංගමයේ රටවලින් ඉල්ලා සිටියහ.

RECENT ARTICLES - SINHALA

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

කැබ් – ලොරි අනතුරින් හතරක් රෝහලට

හොරණ - අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා...

ශ්‍රී ලාංකික තරුණියක් අඟහරු වෙත යන්න සුදානම්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.ස්වේච්ඡා සේවකයන් හතර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...