26 C
Colombo
Wednesday, October 4, 2023

කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගිවිසුමෙන් තුර්කිය ඉවත්වෙයි

- Advertisement -

තුර්කියේ ජනාධිපති රිසෙප් තයියිප් එර්ගෝන් සිය පාලක පක්ෂයට ලැබුණු නවතම ජයග්‍රහණයෙන් පසු දින ජනාධිපති නියෝගයෙන් කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගිවිසුමෙන් ඉවත් විමට තීරණය කර තිබෙනවා.

මේ අනුව ලොව පළමු වරට එම ගිවිසුමෙන් ඉවත් වූ රට තුර්කියයි.

මෙයට විරෝධය පා තුර්කි කාන්තාවන් රැසක් මහජන විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

රටවල් 45 ක් සහ යුරෝපා සංගමය විසින් අත්සන් කරන ලද 2011 ඉස්තාම්බුල් සම්මුතියට අනුව ගෘහස්ථ හිංසනය සහ ඒ හා සමාන අපයෝජනයන් මෙන්ම විවාහක ස්ත්‍රී දූෂණ සහ කාන්තා ලිංගික අවයව විකෘති කිරීම් සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන ලෙස එකඟතාවයකට අත්සන් කර තිබෙනවා.

මෙම ප්‍රඥප්තිය පවුල් සමගියට හානි කරන බවත්, දික්කසාදය දිරිමත් කරන බවත්, සමානාත්මතාවය පිළිබඳ එහි සඳහනට අනුව සමලිංගික ප්‍රජාවට සමාජයේ පුළුල් පිළිගැනීමක් ලැබෙන බවත් බවත් කොන්සර්වේටිව්වරු ප්‍රමුඛ පාලක පක්ෂය කියා සිටිනවා.

පසුගිය සෙනසුරාදා අලුයම නිල ගැසට් පත්‍රයේ මෙම නව නිතිය ප්‍රකාශයට පත් කිරීමත් සමගින් කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් අතර දැඩි විරෝධයක් ඇති වූ අතර ඉස්තාන්බුල්හි මීට එරෙහිව විරෝධතාවයන් සංවිධානය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...