30 C
Colombo
Sunday, December 3, 2023

“ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි, එයාට ජොගින් යන්න දෙනවා” – පොලිස් ලොක්කෙකුගෙන් තර්ජන

- Advertisement -

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකුට හදිසි මාරුවක් ලැබී තිබෙනවා.

ඒ කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බවට වන චෝදනාවකටයි.

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් මෙම කාන්තාව ගමන්කරමින් සිටියදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා ඇය නවතා සංචරණ නීති පනවා ඇති බැවින් එම ස්ථානය පසුකරමින් ගමන් කිරීමට නොහැකි බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එම ම කාන්තාව උසස් පොලිස් ප්‍රධානියකුගේ නම පවසා තමා ඔහුගේ බිරිඳ යැයි කොස්තාපල්යාවරයාට බැණවැදී එම ස්ථානය පසුකරයෑමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නීතිය කාටත් එකයැයි කොස්තාපල්වරයා ඇයට දැනුම්දී එම ස්ථානය පසුකර නොයන ලෙසට දැනුම්දී ඇත්තේ.

එම අවස්ථාවේදී පොලිස් ප්‍රධානියාගේ බිරිඳ ජංගම දුරකථනය හරහා පොලිස් ප්‍රධානියාට ඇමතුමක් ලබාගෙන මේ බව පවසා කොස්තාපල්වරයා ට ඇසෙන සේ එහි හඬ වැඩිකර කොස්තාපල්වරයා දෙසට දිගු කර ඇසෙන්නට සලස්වා තිබෙනවා.

පොලිස් ප්‍රධානියා කොස්තාපල්වරයා අමතා “මම අහවලා කතා කරන්නේ, ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි, එයාට ජොගින් යන්න දෙනවා” යැයි උස් හඩින් පවසා තිබූ බව වාර්තාවනවා.

ඊට පිළිතුරු ලෙස කොස්තාපල්වරයා සදහන් කර ඇත්තේ “සර්, සංචරණ නීති පනවලා නේ තියෙන්නේ එතකොට ජොගින් යන අනිත් කට්ටියට මොකද කරන්නේ? එයාලටත් යන්න දෙන්න ද ?” ලෙසයි.

“අයිසේ ජොගින් ඇඳුම පිලිවෙලට ඇඳලා තියෙනවා නං යන්න දෙනවා” ලෙස ප්‍රතිඋත්තර දුන් පොලිස් ප්‍රධානියා දුරකතනය විසන්ධ කර තිබෙනවා.

ඒ සමගම පොලිස් ප්‍රධානියාගේ බිරිඳ සුපුරුදු ලෙස ප්‍රධාන මාර්ගයට අවතීර්ණ ව ශාරීරික ව්‍යායාම් කරමින් ගමන් කර ඇති අතර මද වේලාවක දී කොස්තාපල්වරයාට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකය වෙත රාජකාරි සඳහා වාර්තා කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

පාසලක හිමිනමක් දරුවෙකුට රෝහල්ගත වෙන්න ගහලා

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා. දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි. දඬුවම් කිරීම...

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...