25 C
Colombo
Saturday, March 22, 2025

විදෙස් රැකියා වංචා සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 24කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එම කාන්තාව විසින් කඳාන ප්‍රදේශයේ බලපත්‍රලාභී රැකියා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් ඉහත රටවල රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැති බවයි වාර්තා වී ඇත්තේ.

මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 19ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව අද (01) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

එමෙන්ම සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (31) එම ස්ථානය වටලා තිබෙනවා.

එහිදී ජර්මනිය, ඩුබායි හා කැනඩාව යන රටවල රැකියා ලබාදීම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 13ක් හා ජීව දත්ත පත්‍රිකා 11ක් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණා.

අදාළ ස්ථානයේ හිමිකාරිය වූ සීදුව, අමන්දොලුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය අද (01) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම කැනඩාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා රුපියල් 1,452,000.00 ක මුදලක් වංචාකළ තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුද ඊයේ (31) දින විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරුව ඊයේ (31) දින තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා ගෙන අද (01) දින අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරීමට නියමිතව තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES