වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අද දවහල් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ එක් පිරිමි දරුවෙකු බව සඳහන් වනවා.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි.
දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.