29.1 C
Colombo
Friday, April 26, 2024

රජයේ මිල කළ නොහැකි මැණික් 3ක් ලංකා බැංකු සේප්පුවට

- Advertisement -

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබු මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ඒවායේ ආරක්ෂාව සඳහා ලංකා බැංකුවට අයත් සේප්පුවක තැන්පත් කිරීමට රැගෙන ගොස් තිබෙනවා.

මෙම මැණික් මෙලෙස ලංකා බැංකු සේප්පුව වෙත මාරුකිරීමට හේතු වූයේ පසුගියදා කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි ගොඩනැගිල්ල ගිලාබැසීමේ අවධානමකට ලක්වීමත් සමඟයි.

මේ හේතුවෙන් අදාළ ගොඩනැගිල්ලේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුුවීමට බලධාරීන් කටයුතු කළා.

එම අධිකාරියට අයත් නව ගොඩනැගිල්ල නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ ස්ථාපිත කෙරෙමින් පවතිනවා.

එම කටයුතු නිමාවන තෙක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබු ලොව වටිනාම මිල කළ නොහැකි බව පැවසෙන මෙම මැණික් 3 මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ඊයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ල වෙත ඊයේ (19) රැගෙන ගියා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...