30.7 C
Colombo
Tuesday, April 23, 2024

රඹුක්කන නාය යෑමකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

- Advertisement -

මේ වන තෙක් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රඹුක්කන – දොඹේමඩ ප්‍රදේශයේදී අද අලුයම 4.30 ට පමණ සිදු වූ නායයාමකින් නිසා එකම පවුලේ මව, දියණිය සහ ඥාති දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නායයෑමත් සමඟ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ඒ අසල තිබූ නිවසක සිටි මව, පියා, දියණිය හා ඥාති දියණිය අනතුරට ලක්වුණා.

එම ස්ථානයට පැමිණි 611 බල සේනා මූලස්ථානය ට අයත් 8 වන සිංහ රෙජිමේන්තුවේ සෙවීම් සහ මුදවා ගැනීමේ භටපිරිස් විසින් අනතුරට ලක්ව සිටි නිවැසියන් සොයාගෙන ඔවුන්ව කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් රඹුක්කන රෝහලට ඇතුළත් කල බරපතල තත්ත්වයේ සිටි 36 හැවිරිදි මවත් අට හැවිරිදි දියණිය සහ ඔවුන්ගේ ඥාති දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් බලධාරීන් සදහන් කරනවා.

අනතුරට ලක්වූ 46 හැවිරිදි පියා තවදුරටත් රඹුක්කන රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටිනවා.


RECENT ARTICLES - SINHALA

රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ...

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...