26.1 C
Colombo
Monday, June 16, 2025

පාකිස්ථානයෙන් තවත් Mpox ආසාදිතයින් තිදෙනෙක්

- Advertisement -

පාකිස්ථානයෙන් තවත් mpox ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, සෞදි අරාබියේ සිට පාකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළ වෙත පැමිණි මගින් තිදෙනෙකු වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව mpox රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව කරච්චි ගුවන් තොටුපල මූලාශ්‍ර උපුටා දක්වමින් ARY පුවත් සේවය වාර්තා කරනවා.

අදාළ ආසාදිතයින් වැඩිදුර ඇගයීම් සඳහා NIPA ප්‍රදේශයේ Sindh රජයේ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි එම පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර ආරක්ෂක පියවරක් ලෙස ගුවන්තොටුපල බලධාරීන් ආගමන ප්‍රදේශය සහ ඇවිදීමේ මාර්ග විෂබීජහරණය කර ඇති බවද ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් වාර්තාකර තිබෙනවා.

සැප්තැම්බර් 20 වන දින, ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගියෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහලකට ඇතුළත් කළ විට, නව mpox සිද්ධියක් වාර්තා වුණා.

සෞදි අරාබියේ ජෙඩා සිට පැමිණි 26 හැවිරිදි අදාළ රෝගියා ගුවන් තොටුපළට පැමිණිමෙන් පසු සෞඛ්‍ය පරීක්ෂණයකදී mpox යැයි සැක පහළ වී තිබෙනවා.

කෙසේ නමුත් අදාළ මාධ්‍ය වාර්තා සිද්හි පිහිටි, බෝවන රෝග රෝහල් සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙක් උපුටා දක්වමින් වාර්තා කරන්නේ, ඔහුගේ සම මත කුෂ්ඨ සහ තුවාල කිහිපයක් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

POPULAR ARTICLES

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...