26 C
Colombo
Friday, March 29, 2024

කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 වසරකට බද්දට?

- Advertisement -

කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දීමට පෙරේදා (19)දින පුවත්පත්වල දැන්වීම් පළ කර ඇති බව news1st වාර්තා කර සිටිනවා.

දැන්වීම පළ කර ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින් බවත් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘති සඳහා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 03ක් ලබාදීමට මෙමගින් ටෙන්ඩර් කැඳවා ඇති බවත් එහි සඳහන්.

ඊට අනුව, අනුව කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ නො.12 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, නො.38 දරණ අංකයේ පිහිටි මහජන බැංකු රැජිණ ශාඛාව පිහිටි ස්ථානය හා නො.40 දරණ සතොස ගබඩා සංකීර්ණය මේ ව්‍යාපෘති සඳහා ලබාදීමට යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය පිහිටි භූමියේ පදනම් වටිනාකම රුපියල් බිලියන 3.7ක් වන අතර මහජන බැංකු ශාඛාව පිහිටි ඉඩම පදනම් වටිනාකම රුපියල් බිලියන 1.3 ක් හා සතොස ගබඩා සංකීර්ණය පිහිටි ඉඩමේ පදනම් වටිනාකම රුපියල් බිලියන 1.6 ක් ලෙස අදාළ දැන්වීමේ සඳහන් කර තිබේ.

මෙම ඉඩම්වල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී ඇත්තේ, මාසයක පමණ කාලයක් වීම විශේෂත්වයකි.

මේ අතර දැනටමත් සෙලෙන්දිව ආයෝජන ව්‍යාපෘති හරහා ද විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල, හිල්ටන් හා ග්‍රැන්ඩ් ඔරියන්ට් හෝටලය ඇතුළු කොළඹ නගරයේ වටිනා දේපොළ ගණනාවක්ම ආයෝජන ව්‍යපෘති සඳහා ලබාදීමට යෝජනා ඉදිරිපත් වී තිබේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...