31 C
Colombo
Wednesday, March 29, 2023

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිමන් නිවාගැනීමට තවත් සේවා ස්ථාන තුනක්

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ගේ පහසුව සඳහා එහි තවත් සේවා ප්‍රදේශ තුනක් ඉදිරියේදී ඉදිකිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති C.P.K. අතලුවගේ මහතා සඳහන් කරන්නේ මේ සඳහා සුදුසු ප්‍රදේශ සොයා ගැනීම සඳහා නිරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වන විට වැලිපැන්න අන්තර් හුවමාරුව අසල පමණක් එක් සේවා ප්‍රදේශයක් පවතිනවා.

කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගී මාර්ගය තවදුරටත් දීර්ඝ වන බැවින් එම මාර්ගය සඳහා එක් සේවා ප්‍රදේශයක් ප්‍රමාණවත් නොවන බවට නිරීක්ෂණය කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉදිකිරීමට නියමිත එක් සේවා ප්‍රදේශයක් මාතර හා මත්තල දක්වා මාර්ගය අසල ඉදිකිරීමට නියමිතයි.

දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගමන්ගන්නා බොහෝ රියදුරන්ගෙන් හා මගීන්ගෙන් පසුගිය කාලය පුරාවට ලැබුණු ඉල්ලීම් මේ සඳහා සළකා බැලුණු බව අතලුවගේ මහතා සදහන් කරනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය කාලය පුරා අනතුරු රැසක් වාර්තා වුණා.

ඉන් බොහෝමයක් රියදුරාට නින්ද යෑම නිසා සිදුවූ අනතුරු බවටයි වාර්තා වුණේ.

කඩවත සිට මත්තල දක්වාම එක් සේවා ස්ථානයක් පැවතීම හේතුවෙන් එහි ගමන්ගන්නා මගීන් අපහසුතාවට පත්වන බවට විවිධ චෝදනාද එල්ල වුණා.

කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට ක්‍රියාත්මක සේවා ස්ථානයද එහි ආරම්භක අවස්ථාවේදී මෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට තවත් චෝදනාවක් එල්ල වනවා.

එහි ඇතැම් කඩ මේ වන විටත් වසා දමා ඇති අතර රාත්‍රි කාලයේ ගමන් ගන්නා විට බොහෝමයක් කඩ වසා දමා තිබීම සුළභ දසුනක්.

මුල්කාලයේ මෙන් ආහාර පානද නිසි ප්‍රමිතියකින් පාරිභෝගිකයන් හට ලබා නොදෙන බවටද මගීන් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...