26.7 C
Colombo
Sunday, July 20, 2025

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා.

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී අද (16) තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් සාක්ෂි ලබා දී තිබුණා.

මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙ. ව 9.30 සිට ප.ව 7.30 දක්වා මෙසේ සාක්ෂි ලබා ගැනීම සිදුවුවා.

පසුගිය 11 වැනිදා සාක්ෂිකරුවන් සිව්දෙනෙකු කම්ටුව හමුවේ සාක්ෂි ලබාදීම සිදු වූ අතර ඉන් එක් සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීමට එදින හැකිවුයේ නැහැ.

මේ හේතුවෙන් එම සාක්ෂිකරුද අද දින පැමිණි අතර ඔහුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීම සිදු වුණා.

මීට අමතරව තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු සාක්ෂි ලබාදී අවසන් කිරීම අද දින සිදු වුවා.

මෙහිදී පරීක්ෂණ කමිටුව විසින් ද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද සාක්ෂි කරුවන‍්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකරන ලදී. 

මේ වන විට සාක්ෂිකරුවන් 7 දෙනෙකු කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම අවසන් අතර හෙට (17) දිනද පෙ.ව. 9.30  පරීක්ෂණ කමිටුව රැස්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES