24 C
Colombo
Sunday, February 16, 2025

ක්‍රිකට් නිලවරණයට පාර්ශ්ව තුනක් විරෝධතා ගොනු කරලා

- Advertisement -

ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ නාමයෝජනා සඳහා පාර්ශ්ව තුනක් විරෝධතා ගොනු කර තිබෙනවා.

ඒ, මෙවරත් ක්‍රිකට් ආයතනයේ නිලවරණය වත්මන් සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ඒක පාර්ශ්වීය නිලවරණයක් බවට පත්ව ඇති පසුබිමකයි.

නාමයෝජනා කැඳවීම පසුගිය 22 වැනිදායින් අවසන් වූ අතර, ඒ සඳහා විරෝධතා ගොනු කිරීමට ලබා දී තිබූ කාල සීමාව ද ඊයේ අවසන් වුණා.

විරෝධතා ගොනු කර තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති වරයෙකු වන කේ. මතිවානන්, බ්ලූම් ෆිල්ඩ් ක්‍රීඩා සමාජයේ උපසභාපති සුධර්ම ද සිල්වා සහ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් හා කළුතර කාය වර්ධන කවයේ සාමාජික අනුර වීරසිංහයි.

කේ. මතිවානන් සභාපති ධුරයට ද, සුධර්ම ද සිල්වා උපසභාපති ධුරයට ද, අනුර වීරසිංහ භාණ්ඩාගාරික ධුරයට ද නාමයෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණත් ඊට සාධාරණ කාලයක් ලබා නොදුන් බව එම පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය ක්‍රිකට් නිලවරණ දෙකෙහිදීම නාමයෝජනා භාරදීම සඳහා දින 14ක අවම කාලයක් ලබා දුන්නද මෙවර ලබාදී ඇත්තේ රාජකාරි දින 03ක කාලයක් පමණක් බවයි.

එමෙන්ම විරෝධතා ගොනු කිරීම සඳහා ඊයේ පෙරවරු 9 සිට 11 දක්වා පැය 2ක් වැනි කෙටි කාලයක් ලබා දුන් බවටත් චෝදනා එල්ල වනවා.

මීට අමතරව, මෙවර ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු සාමාජිකයින් දැනුවත් නොකර මෑතකදී සම්මත කරගත් නව ව්‍යවස්ථාව යටතේ ඡන්ද අයිතිය හිමි ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් 60 වෙත පමණක් දැනුම්දීම තුළින් තමන්ට බලවත් අසාධාරණයක් සිදු වූ බව විරෝධතා දැක්වූවන් පෙන්වා දෙනවා.

ඒ අනුව, නාමයෝජනා සියල්ල අවලංගු කර නැවතත් සාධාරණ කාලයක්, එනම් අවම වශයෙන් දින 14ක කාලයක් ලබාදී නැවත නාමයෝජනා කැඳවන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර, මෙම විරෝධතා සම්බන්ධයෙන් නිලවරණ කමිටුව නිසි පියවර නොගතහොත් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ද සුදානම් බව විරෝධතා ගොනු කළ පාර්ශ්ව ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES