28.9 C
Colombo
Wednesday, May 14, 2025

සජින් වාස් ඇතුළු තිදෙනෙක් නඩුවකින් නිදහස්

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රජයේ වාහන අයුතු ලෙසින් පරිහරණය කළ බවට පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

ඒ සැකකරුවන් නඩුවෙන් මුදා හරින ලෙස නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බලමින්.

2015 වසරට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797 න් 309 ක් භාර දී නොමැති බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිළධාරීයා කළ පැමිණිල්ලකට අනුවයි.

හිටපු මන්ත්‍රීවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය භාරව කටයුතු කළ පුද්ගලයා ඇතුළු තිදෙනෙකුට නඩු පවරා තිබුණා.

කෙසේවෙතත්, ඇප මත මුදා හැර ඇති පළමු සැකකරු නඩුව අතරවාරයේ මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලේ වාහන සංචිතයේ තිබූ අධිආරක්ෂිත බෙන්ස් රථය ඇතුලු වාහන 20 ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන භාරයේ තිබූ බවටයි චෝදනා එල්ල වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

“මාව තංගල්ලේ තියන් ඉන්නේ ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි 30ක් දීපු නැති නිසා”- හරක් කටා

කෝටියක් පමණ වියදම් කොට තමාව තංගල්ලේ බන්ධනාගාරයක රඳවා ඇත්තේ ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන්ට කෝටි 30ක මුදලක් ලබා නොදීම හේතුවෙන් බව නඳුන් චින්තක වික්‍රමරත්න...

චීන පෝර නැව: අත්අඩංගුවට ගැනීම වළක්වන්න මහින්දානන්දගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට...

කළුතර වෙරළට ගොඩගහපු ඩොල්ෆින් මසුන්

කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ, මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින්...

POPULAR ARTICLES

අම්මාවරුන් වෙනුවෙන් ” මදර් ලංකා” තිරයට

පසුගිය මැයි 11වන දිනට යෙදී තිබුණ ලෝක අම්මාවරුන්ගේ දිනයට සමගාමීව අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කල " මදර් ලංකා " චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වුණා. ඒ...