ගාල්ල රත්ගම විජේරත්න මාවතේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කල ත්‍රීරෝදරථයක් දුම්රියේ ගැටීමෙන් අද (13) පෙරවරුවේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝදරථයේ ගමන් කල පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, රත්ගම විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.