32 C
Colombo
Friday, March 31, 2023

ත්‍රී රෝද රථ ගාස්තු නැවතත් ඉහළට

- Advertisement -

ත්‍රිරෝද රථ ගාස්තු යළි වැඩි කර තිබෙනවා.

ඒ අනුව, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120 ක්.

වැඩිවූ ගාස්තුව අනුව, දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ.

මේ අතර, මේ වන විට කුලී ත්‍රීරෝද රථ ගාස්තු පාලනයකින් තොරව ඉහළ ගොස් තිබෙන හෙයින් එය කර්මාන්තය පවත්වාගෙන යාමට මෙන්ම පාරිභෝගික ජනතාවටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන නිසා ජාතික ගමන ගමන කොමිසම තවදුරටත් ඉබි ගමනින් නොයා වහාම මැදිහත්වී එය පාලනයකට ගෙන ආ යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

ඒ, අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින්.

මේ වන විට ඇප් මඟින් රැකියාව සිදුකරන ත්‍රී රෝද රථ රියදුරන් මෙන්ම ඇප් හෝ මීටර ගාස්තු නොමැතිව ධාවනය කරන ත්‍රිරෝද රථ ඔවුන්ට අවශ්‍ය පරිදි ග්ස්තු වැඩි කර තිබෙන බවත් පළමු කිලෝමීටරයට රු. 250ක වැනි මුදලක් අය කරමින් තිබෙන බවත් ඔහු පවසනවා.

ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් කුලී ත්‍රීරෝද රථ ගාස්තුවද සංශෝධනය කිරීමට සිදු වූ අතර එහිදී පළමු කිලෝ මීටරයට රු. 100ක් සහ දෙවන කිලෝමීටරයට රු 90 ක මුදලක් අය කිරීමට එකඟතාවක් ඇති කර ගත් නමුත් මීටර ගාස්තු අය කරන ත්‍රී රෝද රථ වලද එය පළමු කිලෝමීටරයට රු. 120ක් සහ දෙවන කිලෝමීටරයට රු 100ක් ලෙස ගාස්තුව වැඩි කරගෙන තිබෙන හෙයින් කුලී ත්‍රී රෝද රථවලින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට පෙර ගාස්තු විමසන ලෙස ධර්මසේකර මහතා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට කුලී ත්‍රිරෝද රථ සේවය අයාලේ යමින් තිබෙන හෙයින් තවදුරටත් එය පවත්වාගෙන යාම සඳහා විධිමත් නියාමනයක් සිදුවිය යුතු බවයි ඔහු පෙන්වාදුන්නේ.

එළඹෙන 01 වැනිදා සිට බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන් ලියාපදිංචි කරමින් එම සේවාව නියාමනය කිරීමට සැලසුම් කර තිබෙන හෙයින් එහිදී මෙම සේවාව වඩා විධිමත් කරගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇතිකරගත යුතු වන බවද ඔහු අවධාරණය කරනවා.

2013 වසරේදී ප්‍රවාහන ඇමතිවරයා ලෙස කුමාර වෙල්ගම මහතා ත්‍රී රෝද රථ සඳහා ගාස්තු සමාලෝචන කමිටුවක් පත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කර අතර එය පසුව නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන ඇමතිවරයා ලෙස පත් වීමෙන් පසු ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් බරපතල වරදක් සිදු වූ බවයි ලලිත් ධර්මසේකර කියාසිටියේ.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...