රත්නපුරයේ පාරට ත්‍රීවිල් හා යතුරු පැදි ගෙනත් දාලා

ඉන්ධන නොමැතිකමින් සිය ත්‍රීරෝද රථ හා යතුරුපැදි රත්නපුරයේ නගර මධ්‍යයට ගෙනවිත් දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් රත්නපුරය ප්‍රධාන මාර්ගය අවහිරවී ඇති අතර ගමනා ගමනය සම්පූර්ණයෙන් අඩාල වුණා. නව බලශක්ති අමාත්‍යවරයා පත්වූ විගස අසාමාන්‍ය ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පලකරමින් රත්නපුර නගරයේ මේ වන විට විරෝධතාවයක්ද ක්‍රියාත්මක වනවා.