24 C
Colombo
Thursday, March 30, 2023

කාදිනල් විසින් දින 52 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව පිළිගෙන තෙවසරක්

- Advertisement -

2018 වර්ෂයේ ඔක්තෝම්බර් 26 සිදු වූ බල පෙරළිය මෙරට දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය කෙරෙහි බලවත් පහර එල්ල කළ ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමයි.

එවකට ජනාධිපති ධුරයේ කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය විධායක බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් 2015 ජනාධිපතිවරණයේදී තමන්ට ප්‍රතිපක්ෂව කටයුතු කළ තමන් විසින්ම විසින්ම පරාජයට පත්කළ මහින්ද රාජපක්ෂ මහතාව 2018 වර්ෂයේ ඔක්තෝම්බර් 26 දින යළිත් වරක් අගමැති තනතුරට පත් කරන ලද්දේ ඒ වන විට පැවැති ජාතික ආණ්ඩුවේ අගමැති තනතුර හෙඹවු රනිල් වික්‍රමසිංහ මහතාව ධුරයෙන් පහ කරමිනි.

කෙසේ වුවද අනතුරුව මෙරට තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය අභියෝගයට ලක්කරමින් පාර්ශව 13 ක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා.

ඒ සමඟම එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමත් සමග සිය අභිමතය පරිදි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සෙල්ලම් කෙරු කාගේ කාගෙත් සෙල්ලම් අවසන් විය.

මෙම දින 52 ආණ්ඩු සමය රටේ දේශපාලකයින් විකට ජවනිකා රැසක් රඟ දැක්වුණු සමයක් වූ අතර එම සියලු නරි නාටක ඔස්සේ රටේ නම ජාත්‍යන්තරය ඉදිරියේ සැහැල්ලුවට ලක්විය.

එවැනි සමයක ජාත්‍යන්තරය ඉදිරියේ පිළිගැනීමක් ඇති උගත් යැයි කියන්නාවූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රඟ දැක්වූ භූමිකාව අපූරුය.

රටම අවුල් ජාලාවක්ව පැවති අවස්ථාවක ලොවක් පිළිගන්නා රටම ගරුකරන කාදිනල්වරයා හැසිරිය යුතුව තිබුණේ කුමන පක්ෂයකටවත් පක්ෂපාති නොවු මැද මාවතකය.

එහෙත් එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මොහොතකටවත් පිළිනොගත් කාදිනල් වසර 03කට පෙර අද වැනි දිනක ව්‍යවස්ථා විරෝධි ආණ්ඩුවේ අගමැතිවරයා දිව්රුම් දී දින 03ක් ගතවීමටත් පෙර ඔහුට අගරදගුරු මැදුරේ දොරටු විවර කළේය.

දොරටු විවර කළා පමණක් නොව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙනා පඩුරු පිළිගනිමින් ඔහු සමග එක මේසේ සාකච්ඡා පවා කළේය.

මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමාජයක සිදු නොවිය යුත්තා සේම, රටේ ප්‍රධාන ආගමික කණ්ඩායමක නායකයෙකුගෙන් සිදු නොවිය යුත්තකි.

කෙසේ වුවද එසේ දින 52 ආණ්ඩු සමයේ රට ඉදිරියේ හෙළිදරව් වූයේ අද බොහෝ දෙනෙකුට අමතක වී ඇති කාදිනල්ගේ රාජපක්ෂවාදි දේශපාලනික නිරුවතයි.

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත්තේ සහරාන් ඇතුලු ත්‍රස්තයන්ට රට තුළ මෙවැනි ප්‍රහාර මාලාවක් සිදු කිරීමට 2018 ඔක්තෝම්බර් 26 වන දිනෙන් පසු රටේ ඇතිවූ දේශපාලනික අරාජිකත්වය හේතු වූ බවයි.

වසර 03කට පෙර අද වැනි දිනක ව්‍යවස්ථා විරෝධි ආණ්ඩුවේ අගමැති පිළිගත් කාදිනල් සිදුකළේ රටේ ඇතිවූ එම අරාජිකත්වයට උල්පන්දම් දීමයි.

එසේ නම් දින 52කේ ආණ්ඩුව තුළින් රට අරාජිකත්වයකට යොමුවිම ප්‍රයෝජනයට ගනිමින් සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයන් කෙරු කුරිරු ප්‍රහාරයට කාදිනල් වගකිවයුතු නොවන්නේද…?

පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ප්‍රහාරයකින් පසුව ජාතින් අතර අසමගිය ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීම ආගමික නායකයෙකු සතු වගකීමකි. එබැවින් පාස්කු ප්‍රහාරයෙන් පසු ජාත්වාදී ගැටුම් ඇති නොවන අයුරින් කාදිනල් සිය ජනතාවට නායකත්වයදීමෙහි මැජික් එකක් නොවීය. එහෙත් වර්තමානය දක්වා කාදිනල් එය තමන් කළ මැජික් එකක් යැයි පුරාජේරු කියවයි. එසේනම් ඇසිය යුතු කාරණය වනුයේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීමට ක්‍රියා කළ කාදිනල් දින 52 ආණ්ඩු සමයේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරීමට රටේ පිළිගත් ආගමික නායකයෙක් ලෙස මැදිහත් නොවූයේ මන්ද යන්නයි.

එබැවින් මෙරට කතෝලික ජනතාවට මෙන්ම ජාති ආගම් භේදයක් තොරව ශ්‍රී ලංකාවාසීන්ට කීමට ඇත්තේ එකම එක කාරණයකි,

රටේ සම්පත් විකුණා, සිය පෞද්ගලික සුබසෙත සලසා ගැනීමෙන් පසු පපුවට ගසා ගනිමින් ව්‍යාජ දේශප්‍රේමිත්වයක් පෙන්වන මෙරට දේශපාලනඥයින්ගේද, සිය පෞද්ගලික අභිමතයන් තුළ කටයුතු කර ඒවා වැරදුණු පසු එම වැරදි වසා ගැනීමට ව්‍යාජ දේශප්‍රේමිත්වයක් පෙන්වන ආගමික නායකයින්ගේද වෙනසක් නැත.

කාදිනල් වර්තමානයේ රඟ දක්වන ගෝඨාභය විරෝධි පාස්කු නාටකයද තවත් එක් දේශපාලනික මතයකට වහල්වී රඟ දක්වන තවත් පිරිසක් බලයට ගෙනඒමට කරන කුමන්ත්‍රණයක් පමණි.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...