23 C
Colombo
Friday, February 14, 2025

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

- Advertisement -

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වන බව එම දෙපර්තමේන්තුව සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES