30 C
Colombo
Thursday, December 2, 2021

ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

- Advertisement -

නිදහස් ටිබෙටය සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව ලන්ඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ දිනයට සමගාමීව මෙම උද්ඝෝෂණය පවත්වා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස සදහන් කළේ චීන බලධාරීන් ටිබෙටය තුළ සිදුව ඇති බලහත්කාරී අතුරුදන් කිරීම් රැසකට වගකිව යුුතු බවයි.

ටිබෙටය තුළ බලහත්කාරී පුද්ගල අතුරුදන්වීම් සහ පැහැරගෙනයාම් තවමත් ක්‍රමානුකූලව සිදුවන බවට ද ඔවුහු මෙහිදී චෝදනා කළහ.

චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමග ටිබෙට් ජාතිකයන් විශාල පිරිසක් එරටින් පළාගිය අතර මේ වන විට එක්ලක්ෂ පනස් දහසකට අධික ටිබෙට් වැසියන් පිරිසක් ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවක විසිරී ජීවත් වෙති.

ටිබෙටයේ ජීවත්වන පිරිස චීනය විසින් දැඩි මර්දනකාරී පාලනයකට යටත් කොට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට විභාග නැතිව විශ්වවිද්‍යාල වරම් ඉල්ලයි

0
විභාග වලට මුහුණ දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...