25 C
Colombo
Wednesday, March 19, 2025

විස්සයි විස්ස තරඟාවලියේ ටිකට් අවසන්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකෙහි ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ හේතුවෙන් තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ප්‍රවේශපත්‍ර අවසන් වීම හේතුවෙන් දඹුල්ල සහ කොළඹ පිහිටුවා තිබූ ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වසා දැමීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය නැරඹීම සඳහා 18,000ක ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (19) සහ තුන්වන විස්සයි විස්ස තරගය එළඹෙන 21 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES