24 C
Colombo
Sunday, January 19, 2025

Tiktokවලට වෙනිසියුලාවෙන් දඩයක්

- Advertisement -

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය TikTok වෙත ඩොලර් මිලියන 10ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ, Tik Tokහි හුවමාරු වූ අභියෝග භාරගැනීමේ වීඩියෝවක් නරඹා එහි ක්‍රියාකාරකමක් සිදු කළ තරුණයින් තිදෙනෙකු මිය යාමේ සිද්ධියක් පදනම් කර ගනිමින්.

ඒ අනුව, වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටානියා ඩි ඇමෙලියෝ තීන්දු කර තිබුණේ, අභියෝග දිරිමත් කරන අන්තර්ගත පැතිරීම නැවැත්වීම සඳහා අවශ්‍ය සහ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට TikTok නොසැලකිලිමත් වී ඇති බවයි.

චීනයේ ByteDance සමාගමට අයත් TikTok හට වෙනිසියුලාව, රට තුළ කාර්යාලයක් විවෘත කිරීමට නියෝග කර ඇති අතර දඩය ගෙවීමට හෝ ” සුදුසු ” ක්‍රියාමාර්ගවලට මුහුණදීමට දින අටක කාලයක් ලබාදී තිබෙනවා.

“වෙනිසියුලාව එම මුදල් භාවිතා කරන්නේ “TikTok වින්දිතයින්ගේ අරමුදලක් නිර්මාණය කිරීමටයි, එය පරිශීලකයින්ට මානසික, චිත්තවේගීය හා ශාරීරික හානි සඳහා වන්දි ගෙවීමට අදහස් කරයි” යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටානියා ඩි ඇමෙලියෝ පවසා තිබුණා.

කෙසේ වෙතත් TikTok සමාගම උසාවියට ප්‍රකාශ කළේ කාර්යයේ බරපතලකම තමන්ට වැටහෙන බවයි.

සමාජ මාධ්‍ය “අභියෝග ” වල කොටසක් ලෙස රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වෙනිසියුලාවේ පාසල්වල සිසුන් 3 දෙනෙකු මිය ගොස් ඇති අතර 200 දෙනෙකු රෝගී වී ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES