25 C
Colombo
Friday, February 14, 2025

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

- Advertisement -

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම අයත් ‘බයිට් ඩාන්ස්’ නම් සමාගම විසින් එම තහනමට එරෙහිව ගොනු කර තිබු අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරු වෙත පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණා.

ඒ අනුව පසුගිය වසරේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙස.ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණා.

එසේ නොකළහොත් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට දැනුම් දී තිබුණා.

කෙසේවෙතත්, බයිට් ඩාන්ස් සමාගම ටික් ටොක් යෙදවුම සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීමට පියවර ගෙන තිබුණේ නැහැ.

ඒ අනුව,  එම සමාගම එම නියෝගයට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කර තිබෙනවා.

මේ අතර, අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන අතර තමාට ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බවයි.

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සියලු දෙනා අවනත යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ටික් ටොක් වෙත තහනමක් පැනවුණත් එය ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නොමැති අතර ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ, මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇති බවයි.

මිලියන ගණනක් වන අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන්, නිර්මාණකරුවන් මෙන්ම ටික් ටොක් භාවිතයෙන් ව්‍යාපාරවල නිරතවන පිරිස්  මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...