28.4 C
Colombo
Friday, April 26, 2024

දැරියක් අපයෝජනය කල ‘TikTok කිරි සමන්’ අත්අඩංගුවට

- Advertisement -

එකොළොස් හැවිරිදි දැරියක් රවටා සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින් වර දූෂණයට ලක් කිරීමට සම්බන්ධ ‘ටික්ටොක් කිරි සමන්’ නමුන් හඳුන්වන පුද්ගලයෙකු ඇතුළු තරුණයන් සිවුදෙනෙකු සහ තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

කථන ආබාධිත මවුපිය දෙපළකට දාව උපන් එකොළොස් හැවිරිදි මෙම දැරිය මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.

ඉකුත් ජනවාරි 01 වැනිදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගි වීම සඳහා නිවසින් පිටව ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට ඇයගේ දෙමව්පියන් විසින් පැමිණිල්ලක් සිදුකර තිබූ බවත් ඉන් පසුව දැරිය නිවසට පැමිණ ඇතත්, පොලිසියට ඇති වූ සැකයක් මත දැරිය පොලිසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කර ඇති බවත් පොලිසිය පවසනවා.

එහිදී ඇයගේ ශරීරයේ මත්ද්‍රව්‍ය ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා විසින් තහවුරු කරගෙන ඇති අතර ඉන්පසුව මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම ආරම්භ කළ බවත් පොලිසිය පවසනවා.

2021 වසර අගභාගයේදී මෙම දැරිය ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් හඳුනාගත් තරුණියක හරහා මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයකු සහ රාජගිරිය ප්‍රදේශයේ ‘ටික්ටොක් කිරි සමන්’ නමැත්තා ද හඳුනාගෙන තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

‘ටික්ටොක් කිරි සමන්’ නමැත්තා සාදයකට පැමිණෙන ලෙස දැරියට කළ ආරාධනාවකට අනුව දැරිය මවුපියන්ට රහසිගතව දෙසැම්බර් මාසයේ දිනක රාත්‍රී 12.00ට පමණ නිවසින් පිට වී සාදයට ගොස් නැවත අලුයම 4.00ට පමණ නිවසට පැමිණ තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වී ඇති අතර එහිදී ‘ටික් ටොක්ටොක් කිරි සමන්’ නැමැත්තා සහ ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකු දැරිය දූෂණය කළ බවත් දැරිය ලබාදුන් ප්‍රකාශයෙහි සඳහන් වනවා.

අනතුරුව දෙසැම්බර් මස 20, 21 හා 22 යන දිනවලින් එකකදී පෑලියගොඩ ප්‍රදේශයේ සාදයකට යන බව මව්පියන්ට පවසා දැරිය නිවසින් පිටවී ගොස් තිබූ අතර, පසු දින අලුයම 6.30 පමණ ඇය නැවත නිවසට පැමිණ තිබූ බවත් එහිදී ද ‘ටික්ටොක් කිරි සමන්’ සහ තවත් පුද්ගලයකු දැරිය සමඟ සමග ලිංගිකව එක්ව ඇති බවත් පොලිසිය පවසනවා. එම සාදයේදී කැලණිය ප්‍රදේශයේ තරුණයකු ද දැරිය හඳුනාගෙන තිබූ අතර, ඔහුගේ ආරාධනාව මත ජනවාරි 1 වැනිදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට දැරිය සහභාගී ව තිබුණි.

එදින නිවසට පැමිණීමට රෑ බෝ වූ හෙයින් එම පුද්ගලයා විසින් කැලණිය ප්‍රදේශයේ සිය මිතුරකුගේ නිවෙසට දැරිය රැගෙන ගොස් දැරිය සමඟ එදින ද ලිංගිකව හැසිරී ඇතැයි දැරියගේ ප්‍රකාශයෙන් අනාවරණ වූ බවත් පසුදින දහවල් වනතෙක් තම දියණිය නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මවුපිය යුවළ තලංගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඊට පැය කිහිපයකින් අනතුරුව දියණිය නිවසට පැමිණි බවට පැවසූ බවත් පොලිසිය පවසනවා.

මැටි ගසන ලද කුඩා කාමරයකට තමන්ව රැගෙන ගිය බව දැරිය පැවසුවද, එවන් ස්ථානයක් මෙතෙක් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වූ බවත් දැරිය සාද වලට රැගෙන ගිය සෑම අවස්ථාවකදීම දැරියට විවිධ මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවත් පැවසේ.

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් අවුරුදු 19 – 22 අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් රාජගිරිය, මට්ටක්කුලිය සහ කැලණිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් දැරිය අපයෝජනයට ලක් කළ තවත් පුද්ගලයන් කිහිදෙනකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් වැඩිදුරටත් පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...